• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දහම් පාසල් ගුරුවරියන් සඳහා නිල ඇඳුම් ප්‍රදානය කිරීමට අවශ්‍ය රෙදි(සාරි) මිල දී ගැනීම 2017
- ස්වේච්ඡාවෙන් සේවය කරනු ලබන දහම් පාසල් ගුරුභවතුන් සඳහා රජය විසින් නොමිලේ නිල ඇඳුම් ලබා දීම 2004 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2017 වර්ෂයේදී දහම් පාසල් ගුරුවරියන්‍ වෙත බෙදා දීම සඳහා අවශ්‍ය හැට්ට රෙද්ද සහිත අත් යන්ත්‍ර සාරි 72,000ක් ජාතික පේෂකර්මාන්ත දෙපාර්ත‍ෙම්න්තු වෙතින් සෘජුවම මිල දී ගැනීම පිණිස බුද්ධ ශාසන අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.