• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වරාය සහ ඉදිකිරීමට යෝජිත සුවිශේෂ කාර්මික කලාපය ආවරණය කරමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත හම්බන්තොට ඒකාබද්ධ ජල සම්පාදන හා මලාපවහන ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම
- හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ හම්බන්තොට වරායෙහි කාර්මික කලාපයක් පිහිටුවීම සඳහා රජය විසින් සැලසුම් කර ගෙන යනු ලබන අතර ඒ අනුව, ඉදිරි වසර 05-20ත් අතර කාලය තුළ දී හම්බන්තොට ප්‍රදේශයේ ජලය සඳහා වන ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එලෙස ඉහළ යන ජල ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රදේශයේ දැනට පවත්නා ජල සම්පාදන යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින්, ජලය හා මලාපවාහන පහසුකම් සැලසීම පිණිස යෝග්‍ය සැලස්මක් සකස් කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් කඩිනමින් සිදු කළ යුතුව ඇත. එකී ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීම සඳහා චයිනා හෙවි මැෂිනරි කෝපරේෂන් ආයතනයේ තාක්ෂණික සහ මූල්‍ය සහාය ලබා ගැනීමටත්, ශක්‍යතා අධ්‍යයනයේ ප්‍රතිඵල මත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්තකරුවෙකු 'ස්විස් චැලෙන්ජ් ක්‍රමවේදය' යටතේ තෝරා ගැනීමටත් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.