• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉදි කිරීමට නියමිත ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
- ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සහ අනධ්‍යන කාර්යමණ්ඩලය සඳහා නිල නිවාස සංකීර්ණයක් ඉදි කිරීමටත්, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ඉදි කෙරෙමින් පවතින මහල් 17කින් සමන්විත ගොඩනැඟිලි සංකීර්ණයේ ඉතිරි වැඩ කොටස් නිම කිරීමටත් විවෘත තරගකාරි ක්‍රමවේදය යටතේ කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත.ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි අදාළ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.