• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ විෂය පථය පුළුල් කිරීම හා නව්‍යකරණය කිරීම
- 1972 අංක 11 දරන රාජ්‍ය කෘෂිකාර්මික නීතිගත සංස්ථා පනත යටතේ පිහිටුවන ලද 'කෘෂිකාර්මික විවිධාංගීකරණ සහ ජනාවාස අධිකාරිය', 1980 වර්ෂයේ සිට 'හරිත දනව්බිම් සංවර්ධනය කිරීමේ මධ්‍යම අධිකාරිය' ('හදබිම') වශයෙන් නම් කරනු ලැබ තිබේ. කෘෂිකාර්මික නිෂ්පාදන සකස් කිරීම හා අලෙවි කිරීම එම අධිකාරියේ ප්‍රධාන කාර්යයන් අතරට ගැනෙන අතර ඒ සඳහා විශේෂ අලෙවි ඒකකයක් 2002 වර්ෂයේ සිට ආරම්භ කර සාර්ථකව පවත්වා ගෙන‍ ගොස් ඇත. හදබිම අධිකාරියේ කටයුතු නව්‍යකරණය කිරීමේ හැකියාව අධ්‍යයනය කි‍රීම සඳහා පත් කරනු ලැබ ඇති විද්වත් කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කරමින් එම අධිකාරියේ කටයුතු දිවයිනපුරා ව්‍යාප්ත කිරීම පිණිස ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.