• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගොකරැල්ල පොලිස් ස්ථානය ඉදි කිරීමේ ව්‍යාපෘති කාල රාමුව දීර්ඝ කිරීම
- රුපියල් මිලියන 95.71 ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ගොකරැල්ල පොලිස් ස්ථානය ඉදි කිරීම සඳහා 2015 දෙසැම්බර් මස 23 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. 2016 දෙසැම්බර් මස 31 දිනට මෙම පොලිස් ස්ථානය ඉදි කිරීමේ කටයුතු 30%ක් පමණ අවසන්ව ඇත. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා අවශ්‍ය ඉතිරි අරමුදල් නිදහස් කරගැනීමටත්, ව්‍යාපෘති කාලරාමුව 2017 - 2018 දක්වා දීර්ඝ කරගැනීමටත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.