• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2016 අයවැය යෝජනාවලට අනුකූලව ශ්‍රී ලංකා පොලීස් සේවයේ වැටුප් සංශෝධනය කිරීම සඳහා අතිරේක ප්‍රතිපාදන ලබාගැනීම
- 2016 අයවැය යෝජනාවක් අනුව, ශ්‍රී ලංකා පොලිස් සේවයේ වැටුප් විෂමතාව විසඳීමේ අරමුණින් පොලිස් නිලධාරින් සඳහා 40% විශේෂ දීමනාවක් අදියර ‍දෙකක් යටතේ ගෙවීම සුදුසු බවට හඳුනාගනු ලැබූ අතර ඒ අනුව 2016 වර්ෂයේදී රුපියල් මිලියන 3,000ක් ද, 2017 වර්ෂය සඳහා රුපියල් මිලියන 6,000ක් ද වශයෙන් ප්‍රතිපාදන වෙන් කරනු ලැබ තිබේ. යෝජිත 40% දීමනාව ලබා දීම සඳහා තවදුරටත් අවශ්‍ය වන රුපියල් මිලියන 1,042ක අතිරේක ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.