• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ග්‍රාමීය වැව් එල්ලංගා පද්ධති වැඩිදියුණු කිරීම
- ජල විද්‍යාත්මක වශයෙන් එකට බැඳුණු පොදු ජල මාර්ගයක පිහිටි ග්‍රාමීය වැව් පද්ධතියක් 'එල්ලංගාවක්' වශයෙන් හඳුන්වනු ලැබේ. පැරැණි මුතුන්මුත්තන් විසින් නිර්මාණය කරන ලද මෙම වාරි ශිල්පීය ක්‍රමය වර්තමානයේ අප මුහුණු දෙන දේශගුණික විපර්යාසය ජය ගැනීම සඳහා ඉතා සුදුසු ක්‍රමයක් ලෙස ඇගයීමට ලක්ව තිබේ. ඒ අනුව, මෙරට දිස්ත්‍රික්ක 9ක විසිරී පවතින එල්ලංගා පද්ධති 21ක් හා ඒ යටතේ ඇති ග්‍රාමීය වැව් 258ක් වැඩිදියුණු කිරීම සඳහා වූ ව්‍යාපෘතියක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ඉදිරි වසර 5ක කාලය තුළ අදාළ ගොවි සංවිධානවලද සහයෝගය ලබා ගනිමින් ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.