• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නියං තත්ත්වයන්ට මුහුණ දීම සඳහා වියළි කලාපයේ වගා ළිං ප්‍රතිසංස්කරණය කිරීම
- ඇති විය හැකි නියං තත්ත්වයන් යටතේ වුවද වියළි කලාපයේ කෘෂිකාර්මික කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම සඳහා එම කලාපයේ වගා ළිං නිසි ප්‍රමිතියට අනුව ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව මතු වී තිබේ. ඒ අනුව, වියළි කලාපයේ දිස්ත්‍රික්ක 14ක වගා ළිං ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.