• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය පුළුල් කිරීම සඳහා යාබදව පිහිටි ඉඩම අත්පත් කරගැනීම
- ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සඳහා වර්ෂයකට සිසුන් 150ක් පමණ දැනට ඇතුළත් කරගනු ලැබේ. රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගනු ලබන සිසුන් සංඛ්‍යාව 5%-10% අතර ප්‍රමාණයකින් ඉහළ නැංවීමේ රජයේ ප්‍රතිපත්තියට සමගාමීව මෙම කෘෂිකර්ම පීඨයද සංවර්ධනය කළ යුතු බවට හඳුනාගෙන ඇති අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් දැනටමත් අත්පත් කර ගනු ලැබ ඇති හෙක්ටයාර 3.6ක ඉඩම් කොටස සංවර්ධනය කිරීමට අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.