• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සම්බන්ධතා සහ ක්‍රමෝපායික අධ්‍යාපනය සඳහා ලක්ෂ්මන් කදිරගාමර් ආයතනය (LKIIRSS) හා ගෝලීය කටයුතු පිළිබඳ නේපාල කවුන්සිලය (NCWA) අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
- අන්‍යොන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල දැනුම, පළපුරුද්ද, විද්වත්භාවය සහ තොරතුරු හුවමාරුව වැඩිදියුණු කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සම්බන්ධතා සහ ක්‍රමෝපායික අධ්‍යාපනය සඳහා ලක්ෂ්මන් කදිරගාමර් ආයතනය (LKIIRSS) හා නේපාලයේ ආණ්ඩු ප්‍රධානියාගේ මූලිකත්වය යටතේ ක්‍රියාත්මක වන ලාභ නොලබන ආයතනයක් වන ගෝලීය කටයුතු පිළිබඳ නේපාල කවුන්සිලය (NCWA) අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.