• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාතර රිවර්සයිඩ් පාර්ක් (උද්‍යාන) සංවර්ධනය
- මාතර 'රිවර්සයිඩ් පාර්ක් සංවර්ධන ව්‍යාපෘතිය', මාතර නාගරික සංවර්ධන සැලස්ම යටතේ වන ප්‍රමුඛතා ව්‍යාපෘතිවලින් එකකි. ඒ යටතේ පුස්තකාලයක් ඉදි කිරීම, ක්‍රීඩාගාරයක් ඉදි කිරීම, ජලාශ්‍රිත නිවාස සංවර්ධන කටයුතු, කාර්යාල හා ආයතනික සංවර්ධන කටයුතු, ජාතික උත්සව මධ්‍යස්ථානය ඉදි කිරීම, බෝට්ටු අංගන පහසුකම් සහිත ගඟබඩ ක්‍රීඩා කටයුතු හා රථගාල් ඉදි කිරීම සිදු කෙරෙන අතර මෙහි පළමු අදියර යටතේ ගංඉවුරු ඛාදනය වැළැක්වීමට අදාළ සංවර්ධන කටයුතු දැනටමත් ආරම්භ කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු ඉදිරියට කර ගෙන යාමටත්, ඒ සඳහා දැනටමත් අත්පත් කරගනු ලැබ ඇති ඉඩම්වල අයිතිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා දීමටත්, ව්‍යාපෘතිය නිම කළ පසු එහි නඩත්තු කටයුතු මාතර නගර සභාව වෙත පැවරීමටත් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.