• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථ ධාවනය සඳහා බලපත්‍ර නිකුත් කිරීම
- දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථ ධාවනය සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අදාළව දැනට ක්‍රියාත්මක වන නිර්ණායක සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති නියෝගය හා නීතිපතිවරයාගේ උපදෙස් හා අනුව අදාළ නිර්ණායක සංශෝධනය කිරීමටත්, ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතෙහි අදාළ වගන්ති සංශෝධනය කිරීමටත්, ගාලු පාරේ බස් රථ ධාවනය කරනු ලබන බලපත්‍රලාභීන්ට ප්‍රමුඛතාව ලබා දෙමින්, දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා මගී ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම පිණිස නැවත ටෙන්ඩර් කැඳවීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.