• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2016/17 මහ කන්නයේ නියඟය නිසා විපතට පත් ගොවි පවුල් සඳහා සහන සැලසීම
- 2016/17 මහ කන්නයේ වී වගා කොට නියඟය නිසා වගා හානි වූ ගොවීන්ට සහ නියඟය හේතුවෙන් වී වගා නොකළ ගොවීන්ටද, නියඟය නිසා වගා හානි වූ අනෙකුත් බෝග වගා කළ ගොවීන්ටද, එක් පවුලකට රුපියල් 10,000/- බැගින් විශේෂ මූල්‍ය සහනාධාරයක් 2017 අප්‍රේල් මාසය සඳහා ගෙවීමටත්, සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ප්‍රථම එම සහනාධාරය එකී සියලු ගොවි පවුල් වෙත ලබා දීමට හැකි වන පරිදි අවශ්‍ය කටයුතු කිරීමටත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා සහ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.