• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෑගල්ල දිස්ත්‍රික්කයේ නායයෑමේ අවදානමට ලක් වූ ජනතාව සඳහා තවදුරටත් සහන සැලසීම
- 2016 මැයි මස ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ සිදු වූ නායයෑම්වලින් අනතුරුව, නිවාස 1,682ක ජීවත්වන ජනතාව දැඩි අවදානම මත නැවත පදිංචි කළ යුතු බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නිර්දේශ කරනු ලැබ තිබූ අතර, එම පවුල් නැවත පදිංචි කිරීම සඳහා අරමුදල් සැපයීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී. පසුව සිදු කරනු ලැබූ පර්යේෂණ කටයුතු අනුව මෙම දැඩි අවදානම් සහිත නිවාස සංඛ්‍යාව 1,941ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව පසුව හඳුනාගන්නා ලද පවුල් 259ක් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් සහ නිවාස ලබා දීමට අමතර භාණ්ඩාගාර ප්‍රතිපාදන වෙන් කරවා ගැනීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.