• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උපාධි ප්‍රදානය කෙරෙන රාජ්‍ය නොවන ආයතනවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ශිෂ්‍යයින්හට පොලී රහිත ණය ලබා දීම
- රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම සඳහා කඩඉම් ලකුණු ප්‍රමාණවත් නොවන සිසුන්ට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් පිළිගත් රාජ්‍ය නොවන උපාධි ප්‍රදානය කරනු ලබන ආයතනවල උපාධි පාඨමාලා හැදැරීම පිණිස රුපියල් 800,000/- උපරිම ණය සීමාවකට යටත්ව, පොලී රහිත ණය පහසුකම් සැපයීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට 2017 අයවැය මඟින් යෝජනා කරන ලදී. මෙමඟින් උසස් අධ්‍යාපනය ලැබීම සඳහා තරුණ පරම්පරාවට වැඩි අවස්ථාවක් සැලසෙන අතර ශ්‍රම වෙළඳපොළෙහි යම් යම් අංශවල ශ්‍රම ඉල්ලුම සපුරාලීමටද හැකි වේ.

ඒ අනුව, මෙහි පළමු පියවර වශයෙන් 2014 සහ 2015 වසරවල පවත්වන ලද උසස් පෙළ විභාගයේදී ලබාගන්නා ලද කඩඉම් ලකුණු පදනම් කරගෙන මේ සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් තෝරා ගැනීමටත්, මේ සඳහා ප්‍රමාණවත් පරිදි අවශ්‍ය යටිතල පහසුකම් සහිත ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනය (NSBM) සම්බන්ධ කරගනිමින් මෙම පළමු අදියර ක්‍රියාත්මක කිරීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.