• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මන්නාරම සම්ප්‍රේෂණ ජාල උපපොළ ඉදි කිරීමේ වැඩ පරාසය සංශෝධනය කිරීම
- ආසියානු සංවර්ධන බැංකු (ADB) ණය ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන පිවිතුරු බලශක්ති සහ ජාලගත කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ මන්නාරම සම්ප්‍රේෂණ ජාල උපපොළ ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව 2014 වර්ෂයේදී ප්‍රදානය කරනු ලැබ ඇත. එහි ඉදි කිරීම් කටයුතු ආරම්භ කළ පසුව එම සම්ප්‍රේෂණ ජාල උපපොළේ ධාරිතාව 132kV සිට 220kV දක්වා වැඩි විය යුතු බව හඳුනාගැනීම හේතුවෙන් වෙනස් වූ විෂය පථය සඳහා අලුතින් මූල්‍ය යෝජනා කැඳවනු ලැබ තිබේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් සාකච්ඡා කර ඇති කරගනු ලැබ ඇති එකඟතාවන්ට අනුව දැනට ඉදි කිරීම් කරනු ලබන කොන්ත්‍රාත්කරු මඟින් වෙනස් වූ විෂය පරාසයට අයත් ඉදි කිරීම් කටයුතු ඉටු කරගැනීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.