• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රුහුණුපුර ජල සම්පාදන ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇස්තමේන්තුව සංශෝධනය
- රුපියල් මිලියන 8,653.54ක් වූ රුහුණුපුර ජලසම්පාදන ව්‍යාපෘතියේ ආරම්භක කොන්ත්‍රාත් මුදල, කොන්ත්‍රාත්කරුගේ පාලනයෙන් බැහැර ‍ෙහ්තු මත රුපියල් මිලියන 10,029.64ක් දක්වා සංශෝධනය කිරීමට යෝජනා වී තිබේ. මේ සම්බන්ධයෙන් භාණ්ඩාගාරයේ ලේකම් සමඟ සාකච්ඡා කර එළඹ ඇති එකඟතාව පරිදි අදාළ කොන්ත්‍රාත් මුදල සංශෝධනය කර මෙම ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.