• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා (කි.මී.36.59) කොටසේ සැලසුම් සමාලෝචනය සහ ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා (කි.මී.36.59) වන පළමු වන කොටසෙහි සැලසුම් සමාලෝචනය සහ ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 2,548.91ක මුදලකට, Resources Development Consultants (Pvt) Ltd. සමඟ Green Tech Consultant (Pvt) Ltd. හා Consulting Engineers and Architects Associated (Pvt) Ltd. හවුල් ව්‍යාපාරය වෙත ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.