• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය විසින් තායිලන්තයේ, කෘෂිකර්ම හා කෘෂිකර්ම සමුපකාර බැංකුව සහ තායිලන්තයේ, කසෙත්සාත් විශ්වවිද්‍යාලයේ, කෘෂිකර්ම පීඨය අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම්
- කෘෂිකර්මාන්තය, ක්ෂුද්‍ර මූල්‍ය සහ කෘෂිකාර්මික සහාය යන ක්ෂේත්‍රයන්හි ධාරිතා වර්ධනය සම්බන්ධයෙන් අත්දැකීම් හුවමාරු කරගැනීම සඳහා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය සහ තායිලන්තයේ, කෘෂිකර්ම හා කෘෂිකර්ම සමුපකාර බැංකුව අතරද, අගය එකතු කළ කෘෂිකාර්මික නිෂ්පාදන පදනම් කොට ගත් ප්‍රාථමික කර්මාන්ත සම්බන්ධ තාක්ෂණික සහයෝගිතාව සඳහා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය සහ තායිලන්තයේ, කසෙත්සාත් විශ්වවිද්‍යාලය අතරද අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබීම පිණිස ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය‍ දයා ගමගේ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.