• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය යටතේ රාජ්‍ය/අර්ධ රාජ්‍ය ආයතනවල සහ පොදු ස්ථානවල නාම පුවරු/සංඥා පුවරු ත්‍රෛභාෂාවෙන් සකස් කිරීම
- ඕනෑම පුරවැසියෙකුට තම සේවා අව්‍යතාවක් සඳහා රාජ්‍ය ආයතනයක් වෙත පැමිණි අවස්ථාවකදී කිසිදු නිලධාරියෙකුගෙන් නොවිමසා තමාට අදාළ ස්ථානය වෙත යෑමට හැකි වන පරිදි කාර්යාල පරිසරයක් පවත්වා ගැනීමෙහිලා ත්‍රෛභාෂා නාමපුවරු සහ මඟපෙන්වීමේ පුවරු පැවතීම ඉතා වැදගත් වේ. 'රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය' අනුව ප්‍රධාන නාමපුවරුවේ සිට මග පෙන්වීමේ පුවරු, අංශ හැඳින්වීමේ පුවරු, නිලධාරි නාම පුවරු ආදිය ත්‍රෛභාෂාවෙන් පවත්වා ගත යුතු අතර පිළිගැනීමේ කවුළු මඟින් ද්විභාෂාවෙන් සේවා සැපයීම අපේක්ෂා කරයි. මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙනම වැය විෂයක් යටතේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා අනෙකුත් රාජ්‍ය ආයතන වෙත වෙන් කිරීමට පියවර ගනු ලැබ ඇතත්, ඇතැම් අවස්ථාවලදී එම ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව පෙනී ගොස් ඇත. ඒ අනුව, කිසියම් රාජ්‍ය ආයතනයක් විසින් අදාළ නාම පුවරු රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුකූල වන පරිදි සකස් කර නොමැති නම්, රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුකූල වන පරිදි එය නිවැරදි කිරීමට අවශ්‍ය වන මඟ‍ පෙන්වීම් කිරීමටත්, අවශ්‍ය වන්නේ නම්, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන මඟින් අමතර ප්‍රතිපාදන ලබා දීමටත් ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය ම‍නෝ ගනේෂන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.