• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නැවත පදිංචි කරන ලද ජනතාව වෙනුවෙන් වූ සහන ණය යෝජනා ක්‍රමය
- 2010 අගෝස්තු මස 11 වන දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ත්‍රස්තවාදී ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පීඩාවට පත් පවුල්වලට සාමාන්‍ය තත්ත්වයට පැමිණීම සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් තැනැත්තන්, දේපළ හා කර්මාන්ත පුනරුත්ථාපන අධිකාරිය (REPPIA) විසින් ලංකා බැංකුව මඟින් සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනු ලැබ ඇත. එම ණය යෝජනා ක්‍රමය යටතේ 2016 දෙසැම්බර් 31 දින වන විට ප්‍රතිලාභීන් 5,222 දෙදෙනෙකුට රුපියල් මිලියන 770.1ක ණය ප්‍රමාණයක් ලබා දී ඇති අතර ඉන් රුපියල් මිලියන 497ක් ලංකා බැංකුව විසින් ඔවුන්ගෙන් නැවත අය කරගනු ලැබ තිබේ. එකී අය කරගනු ලැබ ඇති මුදල චක්‍රීය ණය ක්‍රමයක් ලෙස අදාළ පවුල්වලට නැවතත් ණය ලබා දීමට යොදාගත හැකි බවට ලංකා බැංකුව දැනුම් දී අතර, ඒ අනුව කටයුතු කිරීම පිණිස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.