• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2015 අංක 04 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීම
- ශ්‍රී ලංකාවෙන් පිටත යම් දුරස්ථ ස්ථානයක සිටින, යම් අපරාධයක වින්දිතයකුගේ හෝ සාක්ෂිකරුවෙකුගේ සාක්ෂියක් හෝ ප්‍රකාශයක් අදාළ රටෙහි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලයේදී ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය මඟින් වාර්තාගත කරනු ලැබීමට අවශ්‍ය විධිවිධාන සලසමින් සකස් කරනු ලැබ ඇති 2015 අංක 04 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.