• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල්වල සංගමයේ (Indian Ocean Rim Association) සාමාජික රටවල් අතර වන අවබෝධතා ගිවිසුම
- 2016 අප්‍රේල් මස 11-13 දිනවලදී, ඩුබායිහිදී පැවති ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල්වල සංගමයේ ආර්ථික හා ව්‍යාපාරික අමාත්‍යවරුන්ගේ දෙවන සමුළුවේදී, සාමාජික රටවල් අතර සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට තීරණය කරනු ලැබ තිබේ. සාමාජික රටවල්වල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අතර සබඳතා වර්ධනය වීමත්, සුදුසු තාක්ෂණ සහ ආයෝජන අවස්ථා පුළුල් කරගැනීමට ඉඩ සැලසීමත් මෙම ගිවිසුමට එළඹීම මඟින් ලැබෙන ප්‍රතිලාභ වේ. ඒ අනුව, මෙම අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් තැබීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.