• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පානදුර, නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම
- කළුතර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 9,000ක් පමණ අ.පො.ස.(සා.පෙ) හා අ.පො.ස.(උ.පෙ.) විභාගවලින් අනතුරුව, පාසල් හැර යන නමුත්, ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය සතුව එම දිස්ත්‍රික්කයේ පවතින වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන මඟින් පුහුණව ලබා දීමට හැක්කේ තරුණ තරුණියන් 1,785කට පමණක් බව හඳුනාගෙන තිබේ. ඒ අනුව රජයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන සඳහා ඇතුළත් කර ගත හැකි කළුතර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් සංඛ්‍යාව ඉහළ නැංවීමේ අරමුණින්, පානදුර ප්‍රදේශයේ නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් රුපියල් මිලියන 370ක ඇස්තමේන්තුගත පිරිවැයකින්, වසර දෙකක් තුළ ඉදි කිරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.