• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ඉඩමක් මිල දී ගැනීම
- ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පීඨ 07කින් සමන්විත වන අතර දැනට එහි මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 11,557ක් පමණ වේ. වාර්ෂිකව වැඩි වන ශිෂ්‍ය අවශ්‍යතාවන් සපුරාලීම සඳහා විශ්වවිද්‍යාලය අවටින් ගොඩනැඟිලි සහ ඉඩම් මිල දී ගැනීම කෙරෙහි අවධානය යොමු වී තිබේ. ඒ අනුව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආසන්නයේ පිහිටි, පෞද්ගලික පාර්ශ්වයකට අයත්, පර්චස් 377.5ක ඉඩමක්, එම විශ්වවිද්‍යාලය විසින් සිදු කරන ලද ඉපැයීම්වලින් කොටසක් සහ රජයේ අරමුදල් යොදවා, රුපියල් මිලියන 481.31ක මුදලකට විශ්වවිද්‍යාල සංවර්ධන කටයුතු සඳහා මිල දී ගැනීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.