• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහනුවර උමග ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- මහනුවර නගරයේ පවතින අධික රථ වාහන තදබදය අවම කිරීම සඳහා තැන්නේකුඹුර ප්‍රදේශයේ සිට සුදුහුම්පොළ ප්‍රදේශය දක්වා කිලෝමීටර 4.36ක දිගකින් යුත් උමං මාර්ගයක් හා කිලෝමීටර 1.2ක් දිගැති මාර්ග කො‍ටසක් මංතීරු 4ක් සහිතව ඉදි කිරීමට යෝජනා වී ඇති අතර ඒ සඳහා ඇස්තමේන්තුගත පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 252.30කි. ‍මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 199.27ක මූල්‍ය පහසුකම් සැපයීමට කොරියාවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල (EDCF)එකඟ වී ඇත. ඒ අනුව, මහනුවර උමං මාර්ගය ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, අදාළ ණය මුදලේ නියමයන් හා කොන්දේසි පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට බලය පැවරීමටත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.