• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය අරමුදල් මඟින්, දේශීය කොන්ත්‍රාත්කරුවන් හරහා ජාතික මහාමාර්ග විස්සක් පුනරුත්ථාපනය කිරීම
- කිලෝමීටර 12,210ක පමණ දිගකින් යුත් දිවයිනේ ජාතික මහාමාර්ග ජාලය නඩත්තු කිරීමේ සහ මනාව පවත්වා ගෙන යාමේ වගකීම මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇත. ජාතික මහාමාර්ග කිලෝමීටර 7,900ක් පමණ මේ වන විට පුනරුත්ථාපනය කරනු ලැබ ඇති අතර ආසන්න වශයෙන් තවත් මහාමාර්ග කිලෝමීටර 4,300ක් පමණ නිසි ප්‍රමිතියට පුනරුත්ථාපනය කළ යුතුව තිබේ. ඒ අනුව, දිවයින පුරා විසිරී ඇති 'A' හා 'B' පන්තියේ ජාතික මහා මාර්ග 20කට අයත් කිලෝ මීටර 564.53ක් වන මාර්ග කොටස්, රුපියල් බිලියන 58ක ඇස්තමේන්තුගත පිරිවැයකින්, ඉදිරි වර්ෂ තුන (03) තුළ පුනරුත්ථාපනය කිරීම සඳහා සැලසුම් කරනු ලැබ තිබේ. දේශීය කොන්ත්‍රාත්කරුවන්ගේ ධාරිතාව වර්ධනය කර ඔවුන් මාර්ග ඉදි කිරීම් ක්ෂේත්‍රයේ නිපුණත්වයට පත් කරවීමේ වැදගත්කමත්, දේශීය බැංකු මඟින් මේ සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගැනීමේ හැකියාවත් සැලකිල්ලට ගනිමින් මෙම මහාමාර්ග ඉදි කිරීම සඳහා 'Swiss Challenge' ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් උනන්දුවක් දක්වන දේශීය සමාගම් වෙතින් යෝජනා කැඳවීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.