• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් (UNDP) කාර්යාලය සඳහා රජය විසින් දරනු ලබන වියදම්
- 1967 වර්ෂයේ සිට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කරනු ලබයි. මෙහිදී ඒකාබද්ධ ස්වේච්ඡා දායකත්ව මුදල වශයෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් 150,000ක් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් කා‍‍ර්යාලයේ වියදම වශයෙන් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 39,500ක දායකත්වයක් ශ්‍රී ලංකා රජය විසින් සපයනු ලබයි. පහළ මැදි ආදායම් ලබන රටක් ලෙස පැවති ශ්‍රී ලංකාව 2014 වර්ෂයේ සිට මැදි ආදායම් ලබන රටක් වශයෙන් වර්ගීකරණය කිරීම හේතුවෙන් 2016‑12‑31 දිනට ඇමරිකානු ඩොලර් මිලියන 1.182ක හිඟ මුදලක් ශ්‍රී ලංකා රජය විසින් නිරවුල් කළ යුතුව ඇත. එම හිඟ මුදල ආපසු ගෙවීම වෙනුවට එම මුදල් යොදවා ශ්‍රී ලංකා රජය විසින් ප්‍රමුඛතා පදනම මත හඳුනාගනු ලබන සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් සිදු කර ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.