• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තෝරා ගත් ආනයනික භාණ්ඩ මත අයකරනු ලබන බදු සංශෝධනය කිරීම සඳහා ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදන අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
- මෙරටට ආනයනය කරනු ලබන හඳුනා ගත් අත්‍යවශ්‍ය භාණ්ඩ මත අය කරනු ලබන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කරමින් 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ පළ කරනු ලැබ ඇති අති විශෙෂ ගැසට් නිවේදන 10ක් සහ 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ පළ කරන ලද අති විශෙෂ ගැසට් නිවේදන 2ක් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.