• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වරාය හා නාවික කටයුතු වර්ධනය කිරීම සඳහා ජපන් රජයේ ප්‍රදාන ආධාර ලබා ගැනීම
- ත්‍රිකුණාමලය වරායේ, වරාය ක්‍රියාකාරකම් ඉහළ නැංවීමට හා නාවුක මඟපෙන්වීමේ පද්ධතිය වැඩිදියුණු කිරීමට අවශ්‍ය ජපාන නිෂ්පාදන සපයා ගැනීම සඳහා ජපන් යෙන් බිලියන 1ක (දළ වශයෙන් රුපියල් බිලියන 1.3ක) ව්‍යාපෘති නොවන ප්‍රදාන ආධාරයක් ලබාදීමට ජපාන රජය එකඟ වී ඇත. ඒ අනුව එම ප්‍රදාන ආධාරය ලබාගැනීම වෙනුවෙන් ජපාන රජය සමඟ හුවමාරු පත්‍ර අත්සන් තැබීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.