• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සීතාවක ගඟ ජල විදුලි ව්‍යාපෘතිය සඳහා විශේෂඥ සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- කෑගල්ල දිස්ත්‍රික්කයේ, දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, හිඟුරල කන්ද ග්‍රාම නිලධාරි වසමේ ක්‍රියාත්මක කිරීමට යෝජිත, මෙගා වොට් 20ක ධාරිතාවකින් යුත්, සීතාවක ගඟ ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය විශේෂඥ සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.