• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දැදුරු ඔය ජල සම්පාදන ව්‍යාපෘතිය - උපදේශක සේවා සැලසුම සමාලෝචනය හා ඉදිකිරීම් අධීක්ෂණය
- දැදුරු ඔය ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කොරියාවේ අපනයන - ආනයන බැංකුවේ (EXIM Bank of Korea) ආර්ථික සංවර්ධන සංස්ථා අරමුදල වෙතින් ඇමරිකානු ‍ඩොලර් මිලියන 58.15ක ණය මුදලක් ලබාගැනීමට ශ්‍රී ලංකා රජය විසින් 2014 වසරේදී ණය ගිවිසුමකට එළඹ තිබේ. එම ණය මුදල් ප්‍රයෝජනයට ගනිමින් දැදුරු ඔය ජලසම්පාදන ව්‍යෘතියේ උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.