• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
- රුපියල් මිලියන 6,960.95ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ කැලණිය, වයඹ, රුහුණ, මොරටුව, රජරට, කොළඹ, ශ්‍රී ලංකා භික්ෂු, පේරාදෙණිය, සබරගමුව සහ නැ‍ඟෙනහිර යන විශ්වවිද්‍යාලවල අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ඉදි කිරීමේ ව්‍යාපෘති 13ක් ක්‍රියාත්මක කිරීම සඳහා තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීමටත්, ඒ සඳහා 2017 - 2022 මධ්‍යකාලීන අයවැය රාමුව යටතේ ප්‍රතිපාදන වෙන් කරවා ගැනීමටත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.