• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උඩරට දුම්රිය මාර්ගයේ මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ඩීසල් බලවේග කට්ටල 09ක් මිල දී ගැනීම
- උඩරට දුම්රිය මාර්ගයේ මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ඩීසල් බලවේග කට්ටල 09ක් මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් 2015‑12‑16 දින අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, විවෘත තරගකාරී ලංසු කැඳවනු ලැබ ඇති අතර ඉදිරිපත් වූ ලංසුකරුවන් 4 දෙනෙකු අතරින් සාරානුකූලව ප්‍රතිචාරාත්මක ලංසුකරු වන චීනයේ ඩැංෆැං ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් කෝපරේෂන් වෙත අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඩීසල් බලවේග කට්ටල 09ක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.