• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය රෝහල සඳහා ටෙස්ලා චුම්බක අනුනාද ප්‍රතිරූපණ (MAGNETIC RESONANCE IMAGING) ස්කෑනර් යන්ත්‍රයක් (01) ලබාගැනීම
- ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය රෝහල සඳහා ටෙස්ලා චුම්බක අනුනාද ප්‍රතිරූපණ (Magnetic Resonance Imaging) ස්කෑනර් යන්ත්‍රයක් (01) මිල දී ගැනීමට ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇති අතර ලංසු තුනක් ලැබී ඇත. එම ලංසු ඇගයීමට ලක් කර අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි රුපියල් මිලියන 251.78ක මුදලකට සී/ස ටෙක්නොමෙඩික්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම වෙත අදාළ ටෙන්ඩරය ප්‍රදානය කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.