• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පො‍ළොන්නරුව හා මඩකලපුව තැපැල් සංකීර්ණ සහ පූජාපිටිය තැපැල් කාර්යාලය ඉදිකිරීම
- පොළොන්නරුව නව නගර සංවර්ධන සැලැස්ම යටතේ තැපැල් දෙපාර්තමේනතුව සතු ඉඩම් හා ගොඩනැඟිලි කිහිපයක් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමට නියමිත අතර ඒ වෙනුවෙන් කඳුරුවෙල නගරයේ නව තැපැල් සංකීරණයක් ඉදි කිරීමට යෝජනා වී තිබේ. එමෙන්ම, දැනට ඉතා අබලන් ත්ත්වයක පවතින මඩකලපුව තැපැල් කාර්යාල සංකීර්ණය සඳහා මහල් 6කින් යුත් අංග සම්පූර්ණ නව ගොඩනැඟිල්ලක් ඉදි කළ යුතු බවද හඳුනා ගනු ලැබ තිබේ. තවද, මහනුවර දිස්ත්‍රික්කයේ, පූජාපිටිය තැපැල් කාර්යාලය මඟින් වර්ග කිලෝමීටර් 30ක පමණ වපරිසරියකින් යුත් ප්‍රදේශයක ජනතාව සඳහා ලිපි බෙදීමේ කටයුතු සිදු කරනු ලබන අතර එම කාර්යාලය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට අවශ්‍ය මූලික වැඩ කටයුතු ආරම්භ කරනු ලැබ තිබේ. ඒ අනුව, පොළොන්නරුව හා මඩකලපුව තැපැල් සංකීර්ණ සඳහා නව ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සහ දැනට වැඩ කටයුතු ආරම්භ කර ඇති පූජාපිටිය තැපැල් කාර්යාලය ඉදි කිරීම සඳහා අවශ්‍ය ඉතිරි ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් ලබාගැනීම පිණිස තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.