• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බාලවයස්කරුවන් මිය යාම මත අලාභ හානි අය කරගැනීම
- යම් තෙවන පාර්ශ්වයක නොසැලකිල්ල හෝ අපරික්ෂාකාරී බව හේතුවෙන් බාලවයස්කාර දරුවකුගේ මරණය සිදු වූ විටක එකී දරුවාගේ දෙමාපියන්ට ඇති වන මානසික වේදනාව හා අනාගත බලපෑම වෙනුවෙන් අදාළ වගකිව යුතු පාර්ශ්වයෙන් අලාභ හානි අය කරගැනීමට හැකි වන පරිදි නීති සම්පාදනය කළ යුතු බවට යෝජනා වී ඇත. ඒ අනුව, ඒ සඳහා විධිවිධාන සලසමින් සුදුසු ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.