• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල්වල ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතාව සම්බන්ධයෙන් වූ බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානයේ රටවල්හි විදුලි සම්ප්‍රේෂණ පද්ධති සම්බන්ධ කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම
- බිම්ස්ටෙක් (BIMSTEC) කලාපයේ තාර්කික හා ප්‍රශස්ත විදුලිබල සම්ප්‍රේෂණයක් ප්‍රවර්ධනය කිරීමේ අදහසින් විදුලිය වෙළඳාම සඳහා සම්ප්‍රේෂණ ජාල අන්තර් සම්බන්ධතා ක්‍රියාත්මක කිරීම උදෙසා සහයෝගයෙන් කටයුතු කිරීම පිණිස සාමාජික පාර්ශ්වයන් වෙත පුළුල් කාර්යරාමුවක් සලසා දෙනු ලබන, 'බිම්ස්ටෙක් (BIMSTEC) රටවල් අතර සම්ප්‍රේෂණ ජාල අන්තර් සබඳතාව ස්ථාපිත කිරීම සඳහා වන අව‍බෝධතා ගිවිසුම' අත්සන් තැබීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.