• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සංචාරකයින් සඳහා දුම්රිය නැවතුම් ස්ථාන ආශ්‍රිතව නවාතැන් පහසුකම් සැලසීම (Back Packing Tourist Accommodation)
- ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නව සංකල්පයක් ලෙස යෝජනා කර ඇති පරිදි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉවත් කරනු ලැබ ඇති, දැනට භාවිතයට නොගන්නා දුම්රිය මැදිරි අලුත්වැඩියා කර, කොළඹ දුම්රිය අංගණය, මහයියාව උප දුම්රිය ස්ථානය, නානුඔය, අඹේ‍ෙවල, ඇල්ල සහ දොඩන්දූව යන දුම්රිය ස්ථාන ආශ්‍රිතව පවතින දුම්රිය දෙපාර්තමේන්තුව විසින් භාවිතයට නොගන්නා ඉඩම්වල එම දුම්රිය මැදිරි ස්ථානගත කරමින් සංචාරකයින්ගේ නවාතැන් අවශ්‍යතා ‍සඳහා යොදාගැනීම පිණිස බදු දීම තුළින් දුම්රිය දෙපාර්තමේන්තුවට අමතර ආදායමක් ලබාගත හැකි බව හඳුනාගෙන තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ එක්ව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.