• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2016 වර්ෂයේ ප්‍රාග්ධන ප්‍රතිපාදන භාවිතයෙන් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති වල ප්‍රගතිය
- 2016 වර්ෂය තුළ දේශීය හා විදේශීය අරමුදල් යටතේ ඒ ඒ අමාත්‍යාංශ හා ඒ යටතේ වන ආයතන විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සම්බන්ධයෙන් ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වෙත දෙන ලද උපදෙස් අනුව සකස් කරනු ලැබ ඇති වාර්තාව අනුව 2016 වර්ෂයේදී රේඛීය අමාත්‍යාංශ 10ක් විසින් එම අමාත්‍යාංශ සඳහා වෙන් කරනු ලැබ ඇති ප්‍රාග්ධන ප්‍රතිපාදනවලින් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රයෝජනයට ගෙන තිබේ. අමාත්‍යාංශ 21ක් විසින් 60% - 80%ත් අතර ප්‍රමාණයක ප්‍රාග්ධන ප්‍රතිපාදන උපයෝජනය කිරීමේ ප්‍රගතියක් අත් කරගනු ලැබ ඇති බවත්, 2016 වර්ෂයේ ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කළ ප්‍රතිපාදන වල සමස්ත උපයෝජනය 62.3% ක් වන බවත් පෙන්වා දී ඇත. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද මෙම කරුණු ඇතුළත් වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.