• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා පොළව මට්ටමට ඉහළින් ගමන් කරන අධිවේගී මාර්ගය
- බත්තරමුල්ල, මාලඹේ, අතුරුගිරිය හා පිටත වටරවුම් මහාමාර්ගය දක්වා සම්බන්ධතා සහිතව පොළව මට්ටමට ඉහළින් ගමන් කරන අධිවේගී මාර්ගයක්, යෝජිත නව කැලණි පාලමේ සිට රාජගිරිය දක්වා ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී තිබේ. එහි පළමු අදියර යටතේ කැලණි පාලමේ සිට රාජගි‍රිය දක්වා වන දිගින් කිලෝමීටර 6.9ක කොටසද, දෙවන අදියර යටතේ රාජගිරියේ සිට අතුරුගිරිය දක්වා වන දිගින් කිලෝමීටර 10.4ක කොටසද ඉදි කිරීමට නියමිතය. 'ඉදි කර මෙහෙයුම් කර භාර දීම' (BOT) යන පදනම යටතේ ඉදිකිරීමට නියමිත මෙම ව්‍යාපෘතියෙහි අදියර I සඳහා අභිමතය ප්‍රකාශ කිරීමේ ලිපි 14ක් ද අදියර II සඳහා ලිපි 09ක් ද ලැබී ඇත. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය සඳහා පත් කරනු ලැබ ඇති ව්‍යාපෘති කමිටුවේ නිර්දේශ පරිදි ශක්‍යතා අධ්‍යයනය හා මූලික සැලසුම් පිළියෙළ කිරීම සඳහා උපදේශකයන් තෝරාගැනීමටත්, අභිමතය පළ කරන ලද ආයතනවලින් යෝජනා සමඟ ලංසු කැඳවීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.