• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අලිකොට ආර ජලාශය ඉදි කිරීම නිසා බලපෑමට ලක්වන වැල්ලවායේ, කොටිකම්බොක්ක තිරුවානා නිධිය කැණීම් කිරීම
- වැල්ලවාය, කොටිකම්බොක්ක ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර ප්‍රදේශයක පිහිටා ඇති, ධමනි තිරුවානා නිධිය ප්‍රමාණයෙන් දළ වශයෙන් කියුබික් මීටර 910,000 ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිවෙමින් පවතින අලිකොට ආර ජලාශයට මායිමේ පිහිටා තිබීම හේතුවෙන්, නියමිත පරිදි 2018 වර්ෂය අවසානයේදී එම ජලාශයට ජලය පිරවීමත් සමඟ මෙම ඛනිජ නිධිය විධිමත් පරිදි කැණීම් කිරීමට නොහැකි වනු ඇත. එබැවින් ඊ‍ට පෙර මෙම තිරුවානා නිධිය විද්‍යාත්මකව කැණීමට ලක් කර, අගය එකතු කර අපනයනය කිරීම මඟින් ජාතික ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබාගැනීමේ අරමුණින් විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමටත්, එහි ප්‍රතිඵල මත විවෘත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර දේශීය හා විදේශීය ආයතන වෙතින් යෝජනා කැඳවා එම තිරුවානා නිධිය කැණීම් කර, අගය එකතු කර අපනයනය සඳහා සුදුසු ආයතනයක් තෝරා ගැනීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.