• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සේවා විශිෂ්ටත්වය උදෙසා ධාරිතා සංවර්ධනය - 2017/2018
- ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර ඇති කර ගනු ලැබූ අවබෝධතා ගිවිසුමක් අනුව රාජ්‍ය සේවයේ මධ්‍යම මට්ටමේ විධායක නිලධාරින් 70 දෙනෙකු සඳහා සිංගප්පූරු සිවිල් සේවා විද්‍යාලයේදී විශේෂ ධාරිතා සංවර්ධන පුහුණුවක් 2016 වර්ෂයේදී ලබා දෙන ලදී. එකී අවබෝධතා ගිවිසුම යටතේ තෝරාගත් නිලධාරින්ගේ විශේෂිත කුසලතා අවශ්‍යතාවන් තවදුරටත් වර්ධනය කිරීම සඳහා 'සේවා විශිෂ්ටත්වය උදෙසා ධාරිතා සංවර්ධනය' යන මැයෙන් මධ්‍යකාලීන පුහුණු වැඩසටහනක් 2017 - 2018 කාලසීමාව තුළ සිංගප්පූරු සිවිල් සේවා විද්‍යාලය සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය විසින් ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.