• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පීඩාවන්ට පත් වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීම් සම්බන්ධයෙන් වන කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම
- 2005 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා කාලය තුළ විවිධ හිරිහැරයන්ට හා පීඩාවන්ට ලක් වූ මාධ්‍යවේදීන් පිළිබඳ කරුණු සොයා බැලීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් විසින් කමිටුවක් පත් කරනු ලැබ ඇත. ඒ අනුව, එවැනි හිරිහැරයන්ට සහ පීඩාවන්ට පත් වූ මාධ්‍යවේදීන්ට තම අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා එකී කමිටුව විසින් පුවත්පත් දැන්වීම් පළ කිරීම මඟින් අවස්ථාව දෙන ලදී. එහිදී ඉදිරිපත් වූ අභියාචනා සැලකිල්ලට ගෙන එම කමිටුව විසින් අදාළ මාධ්‍යවේදීන්ට සහන සැලසීම සම්බන්ධයෙන් සිය නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත. එම වාර්තාව වැඩිදුරටත් අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත කරුණු වාර්තා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යතුමා, අධිකරණ අමාත්‍යතුමා සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් සමන්විත අමාත්‍ය අනු කමිටුවක් පත් කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.