• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උසස් අධ්‍යාපන පුළුල් කිරීම සහ සංවර්ධනය කිරීම වේගවත් කිරීම (Accelerating Higher Education Expansion and Development - AHEAD)
- ආර්ථික වර්ධනය සඳහා ප්‍රමුඛතාවය දැක්විය යුතු විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු හා ගණිතය වැනි විෂයයන්ට අදාළව උසස් අධ්‍යාපන ප්‍රවේශය ඉහළ නැංවීම, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම හා නවෝත්පාදන, පර්යේෂණ හා සංවර්ධන කටයුතු දිරිගැන්වීම යන අරමුණු සාක්ෂාත් කරගැනීම අරමුණු කරගනිමින්, 'උසස් අධ්‍යාපනය පුළුල් කිරීම සහ සංවර්ධනය කිරීම වේගවත් කිරීමේ ක්‍රියාවලිය' Accelerating Higher Education Expansion and Development - AHEAD) යනුවෙන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. 2017-2022 යන කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 33කට සමාන විශේෂ හැර ගැනුම් හිමිකම් ව්‍යවහාර ණය පහසුකමක් ලබා දීමට අන්තර්ජාතික සංවර්ධන සමායතනය (IDA) එකඟ වී ඇති අතර ඇමරිකානු ඩොලර් මිලියන 67කට සමාන ණය පහසුකමක් ලබා දීමට ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය උදෙසා වන අන්තර්ජාතික බැංකුව විසින් එකඟ වී ඇත. ඒ අනුව, අදාළ ණය පහසුකම් ලබාගැනී‍ම සඳහා සම්මුති සාකච්ඡා පැවැත්වීමටත්, ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.