• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හිඟුරක්ගොඩ, ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම
- පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වාර්ෂිකව පාසල් හැර යන සිසුන් ප්‍රමාණය 3,225ක් පමණ වන අතර ඔවුන් සඳහා වෘත්තීය පුහුණුව ලබා දීමට එම දිස්ත්‍රික්කයේ දැනට පවතින රාජ්‍ය අංශයේ පුහුණු මධ්‍යස්ථානවල ධාරිතාව ප්‍රමාණවත් නොවේ. එම තරුණ තරුණියන්ට ඵලදායී රැකියා අවස්ථා ‍ලබා ගත හැකි වන පරිදි ගුණාත්මක කාර්මික හා වෘත්තීය අධ්‍යාපනයක් සහ පුහුණුවක් ලබා දීම සඳහා පොළොන්නරුව ඒකාබද්ධ සංවර්ධන වැඩසටහනට සමගාමීව ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්, නෙදර්ලන්ත රජයේ ණය ආධාර යටතේ, හිඟුරක්ගොඩ ස්ථාපිත කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.