• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හම්බන්තොට වරායේ අනුග්‍රාහක ගිවිසුම
- හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය හා චීන රජයට අයත් චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග් සමාගම අතර ඇති කරගැනීමට යෝජිත අනුග්‍රාහක ගිවිසුම යටතේ දැනට වැඩ කටයුතු නිම වී ඇති හම්බන්තොට වරායේ අදියර I හා අදියර II ද, යෝජිත අදියර III ද ඇතුළත් වන පරිදි වරායේ ඉදිරි සැලසුම් සකස් කිරීම, මූල්‍ය සම්පාදනය, මෙහෙයුම් ප්‍රවර්ධනය කිරීම හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අරමුණු කෙරේ. නීතිපතිතුමා විසින් නිෂ්කාශනය ලබා දී ඇති මෙම අනුග්‍රාහක ගිවිසුමට එළඹීම සඳහාත්, මෙම අනුග්‍රාහක ගිවිසුම ක්‍රියාවට නැංවීම අධීක්ෂණය කිරීම සඳහා විශේෂ කාර්යභාර අමාත්‍ය (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා අදාළ අනෙකුත් අමාත්‍යවරුන්ගේ සහභාගිත්වය ඇති අමාත්‍ය අනුකමිටුවක් පත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතිය දෙන ලදී.