• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විදේශ විනිමය පනත් කෙටුම්පත
- විදේශ විනිමය වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි කළමනාකරණය හා නියාමනය කිරීමටත්, ශ්‍රී ලාංකික පුරවැසියන් සතුව ශ්‍රී ලංකාවෙන් බැහැරව පවතින විදේශ විනිමය මෙරටට එවීම සඳහා ඔවුන් දිරිමත් කිරීමටත්, වර්තමාන තත්ත්වයට නොගැළපෙන විදේශ විනිමය හුවමාරු පාලන පනත පරිච්ඡින්න කිරීම සඳහාත් විධිවිධාන සැලසීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරනු ලැබ, නීතිපතිතුමා විසින් නිෂ්කාශනය ලබා දෙන ලද, 'විදේශ විනිමය පනත් කෙටුම්පත' රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ගරු අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික ක‍ටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.