• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ස්වේච්ඡා අනාවරණ පනත් කෙටුම්පත සම්පාදනය කිරීම
- ස්වේච්ඡා අනාවරණ පනතේ ප්‍රධාන පරමාර්ථය වනුයේ ශ්‍රී ලංකාව තුළ උපයන ලද ආදායමට අදාළව ආදායම් බදු ගෙවීම සම්බන්ධයෙන් අතීතයේදී සිදු කරන ලද පැහැර හැරීම් නිරවුල් කිරීම පිණිස ආදායම් බදු ගෙවීමට යටත් තැනැත්තන්ට අවසර ලබා දීම සහ දේශීය ආදායම් පනතේ විධිවිධාන පරිදි ආදායම් බදු ගෙවීම ආරම්භ කිරීම පිණිස ඔවුන් දිරිගැන්වීම වේ. මේ හා සමාන ස්වේච්ඡා අනාවරණය කිරීමේ වැඩසටහන්, රටවල් බොහොමයක් විසින් සාර්ථකව ක්‍රියාවට නංවනු ලබන අතර, එමඟින් එම රටවල බදු ආදායම වැඩි කරගැනීමට එකී රටවල් සමත් වී ඇත. ඒ අනුව, කෙටුම්පත් කරනු ලැබ ඇති සංකල්ප පත්‍රිකාව මත පදනම්ව, 'ස්වේච්ඡා අනාවරණ පනත් කෙටුම්පත' කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට නියම කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.