• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව ජල නළ මාර්ගය වැඩිදියුණු කිරීම
- ඔස්ට්‍රියාවේ Uni Credit Bank AG හා මහජන බැංකුව මඟින් අරමුදල් සලසනු ලබන මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වනුයේ දැනට ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ග කොටසට සමගාමීව එළනු ලැබ ඇති ජල උපයෝගිතා නළ මාර්ගය, ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදි කිරීමට යෝජිත මාර්ගයට සමගාමීව අලුතින් එළීම වේ. ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශ පරිදි, එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහ‍ා සුදුසු සමාගමක් තෝරාගැනීම පිණිස ආයතන 03කින් යෝජනා කැඳවනු ලැබ ඇති මුත්, ඒ සඳහා ප්‍රතිචාර දක්වනු ලැබ ඇත්තේ Mascinen - Umwelttechink - Transport Anlagen (M-U-T) සමාගම පමණි. ඒ අනුව, එම සමාගම සමඟ සාකච්ඡා සම්මුති පවත්වා ප්‍රසම්පාදන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව විසින් පත් කරන ලද අමාත්‍ය කමිටුවේ නිර්දේශය පරිදි, මෙම ව්‍යාපෘතියට අදාළ කොන්ත්‍රාත්තුව, යුරෝ මිලියන 46.21ක මුළු මුදලකට, Mascinen - Umwelttechink - Transport Anlagen (M-U-T) සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.